මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ඇඟලුම් ආයතනයේ සියළුම සේවක සේවිකාවන්ට පොලීසිය විසින් අවසන් නියෝගයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව ඔවුන්ට අද පස්වරු 4.00 වන විට තමන් පදිංචි ස්ථානයේ සිට ළඟම ඇති පහත ස්ථානවලට පැමිණෙන ලෙස පොලීසිය නිවේදනය කර සිටිනවා.
මෙමෙ නියෝගයන්ට විරුද්ධව කටයුතු කරන ඕනෑම අයෙක්ට නිරෝධායන නීතිය ක්‍රියාත්මක කරන බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.
එසේම වත්තල, කඳාන, ජාඇල, බියගම, කිරිබත්ගොඩ, සපුගස්කන්ද, පෑලියගොඩ, කැලණිය, කඩවත, මීගහවත්ත, රාගම, මහබාගේ ප්‍රදේශවල පදිංචි සේවක / සේවිකාවන්ට පහත සඳහන් ස්ථානවලට පැමිණෙන ලෙස දැනුම්දී තිබෙනවා.