වෛරස් ආසාදිතයෙක් හමු වූ පමණින් දීර්ඝ කාලයක් ස්ථාන වසා තබන්නේ නැහැ - යුද හමුදාපති

කොරෝනා ආසාදිතයෙක් වාර්තා වූ පමණින් එවැනි වෙළඳසැල්, ආයතන හෝ ස්ථාන දීර්ඝ කාලයක් වසා තැබීම මඟින් ජනතාව දැඩි දුෂ්කරතාවයට පත් වන නිසා සහ එය රටේ ආර්ථිකයට දැඩිව බලපාන බැවින් එසේ එම ස්ථාන දීර්ඝ කාලයක් වසා දැමීමට අවශ්‍ය නොවන බව යුද හමුදාපති ලුතිනල් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.

විෂබීජහරණය කිරීමෙන් පසු එවැනි ස්ථාන දින කිහිපයකින් නැවත විවෘත කිරීමේ හැකියාව පවතින බවයි හමුදාපතිවරයා වැඩි දුරටත් පවසන්නේ.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu