කොළඹ මැරීන් ඩ්‍රයිව් පිහිටි පෞද්ගලික බැංකුවක සේවයකරන සේවකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇහි බවට තහවුරු වීම නිසා එම බැංකු ශාඛාව තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබෙනවා.
ඔහු ආශ්‍රය කළ සමීප ආශ්‍රිතයින් සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් ස්වයං නිරෝධායනයට යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.
හෙට දිනයේ යළි එම බැංකු ශාඛාව විවෘත කිරීමට පියවර ගන්නා බවයි බැංකු කළමණාකාරීත්වය සඳහන් කර ඇත්තේ.