මිනුවන්ගොඩ ප්‍රදේශයේ ඇගලුම් කර්මාන්තශාලාවේ සේවයේ නිරතව සිටියදී මොණරාගල ප්‍රදේශයට පැමිණි කාන්තාවගේ පරීක්ෂණ වාර්තාව නිකුත් කර තිබෙනවා.
එම කාන්තාවට ද නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට එම වාර්තාවලින් තහවුරු වී තිබෙන බව ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් සඳහන් කරනවා.