මිරිස්වත්තේ අවමංගල්‍ය උත්සවයකට සහභාගි වූ කාන්තාවන් පහකට කොරෝනා

මි
රිස්වත්ත ප්‍රදේශයේ පැවති අවමංගල්‍යයකට සහභාගී වූ කාන්තාවන් 05 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. එම කාන්තාවන් මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවයේ නියුතු සේවිකාවන්. 
 
වෛරසය ආසාදිත කාන්තාවන් පස් දෙනා මේ වන විට ප්‍රතිකාර සඳහා මිනුවන්ගොඩ රෝහලට ඇතුළත් කර ඇති අතර ඔවුන් සහභාගී වූ අවමංගල්‍ය උත්සවයේ පැමිණි සියළු දෙනාට තම තමන්ගේ නිවෙස් තුළම ස්වයං නිරෝධායනය වන ලෙස දැනුම් දී තිබෙනවා.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu