මෙරට කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ කොරියානු ''කුසගින්නෙන් පෙළෙන ජාත්‍යන්තරයට කොරියා ආධාර'' (Korea Food for the Hungry International) සංවිධානය විසින් රුපියල් ලක්ෂ 22 ක වටිනාකමකින් යුත් සෞඛ්‍යආරක්ෂිත උපකරණ පරිත්‍යාගයක් අද දින (28) සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත පරිත්‍යාග කිරිම සිදු විය.
කොවිඩ් -19 වෛරසයෙන් ආරක්ෂාවීම සහ ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කිරිම සදහා ලබාදෙන ලද එම පරිත්‍යාගය අතර, සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල පරිහරණය සදහා ආරක්ෂිත ඇදුම් කට්ටල ({Protective Clothing) 1008 ක්, ආරක්ෂිත ගොගල්ස් (Protective Goggle) 480 ක්, ආරක්ෂිත අත්ආවරණ කට්ටල (Protective Gloves) 2000 ක් වන බව සඳහන්.