වේල්ලවීදිය පොලිස් ස්ථානය වසා දමයි

වේල්ලවීදිය පොලීස් ස්ථානයට කිසිවෙකුට ඇතුළුවීම මේ වන විට තහනම් කර තිබෙනවා. ඒ එහි පොලිස් කොස්තාපල්වරයෙකුට කොවිඩ් -19 වෛරසය ආසාදිතයැයි තහවුරු වීමත් සමඟයි.

එම කොස්තාපල්වරයා වේල්ලවීදිය පොලීසියේ භොජනාගාර පාලකවරයා බවයි වාර්තා වන්නේ.

ඒ අනුව එම පොලිස් ස්ථානයේ 12 දෙනෙකු නිරෝධායනයට යොමු කර තිබෙන බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu