මිනුවන්ගොඩ සහ දිවුලපිටිය යන පොලිස් බල ප්‍රදේශවලට නැවත දැනුම් දෙන තුරු පොලිස් ඇඳිරි නීතිය පනවා ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
දිවුලපිටිය ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිත කාන්තාවක් හමුවීමත් සමඟයි මෙලෙස ඇඳිරි නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කර තිබෙන්නේ.