කොළඹ ශාන්ත ජෝසප් විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුවෙකුගේ මවට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට අනාවරණය වී තිබෙනවා.
මේ වන විට එම පවුලේ සියළුම සාමාජිකයින් පීසීආර් පරීක්ෂාවට යොමු කර ඇති අතර ඔවුන් සියලුදෙනා නිරෝධායනයට යොමු කර තිබෙනවා.
පරීක්ෂණ වාර්තා ලැබුණු සැණින් ඒ පිළිබඳව දැනුවත් කරන බවයි විදුහලේ විදුහල්පතිවරයා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ.