පොලිස් නිලධාරීන්ටත් කොරෝනා, විශේෂ කාර්ය බලකා කඳවුරුවලම පිරිසක් නිරෝධායනයට

පොලිස් නිලධාරීන් 17 දෙනෙකුට කොවිඩ් - 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. පොලිස් විශේෂ කාර්ය බලකා සාමාජිකයින් 10 දෙනෙකුද ද ඊට ඇතුළත්.

මේ වන විට පොලිස් නිලධාරීන් 400 දෙනෙකු පමණ නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට පියවර ගෙන තිබෙන අතර තවත් පිරිසක් ස්වයං නිරෝධායනය සඳහා යොමු කර තිබෙනවා.

ඒ අනුව රාජගිරිය, කළුබෝවිල සහ කැළණිය යන පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරුවල සිටින නිලධාරීන් එම කඳවුරුවලම නිරෝධායනයට යොමු කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu