මතුගම ගම්මාන තුනක් හුදකලා කල වෛරසයේ මූලාශ්‍ර සොයා ගනී

විටිගල, බදුගම සහ බදුගම නව ජනපදය යන මතුගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ගම්මාන තුනක් නව කොරෝනා වෛරසය හේතුවෙන් ඊයේ දිනයේ දී හුදකලා ගම්මාන ලෙස නම් කරනු ලැබුවා.  

ඒ එම ගම්මාන ඇසුරින් කොරෝනා රෝගීන් 17 දෙනෙකු සොයා ගැනීමත් සමඟයි. 

එම ආසාදිතයින්ට රෝගය වැළඳුණු ආකරය පිළිබඳව මූලාශ්‍ර සොයා යාමේදී හෙළි වී ඇත්තේ පසුගිය ද්නක අනුරාධපුර වන්දනාවේ ගිය කණ්ඩායමකට එසේ එම වෛරසය ආසාදනය වී ඇති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu