කොල්ලුපිටිය බ්‍රැන්ඩික්ස් ප්‍රධාන ශාඛාවේ හත් දෙනෙකුට කොරෝනා

බ්‍රැන්ඩික්ස් ආයතනයේ කොල්ලුපිටිය ප්‍රධාන ශාඛාවේ නිලධාරීන් 07 දෙනෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය තහවුරු කර තිබෙනවා. 

එසේ වෛරසය ආසාදිත නිලධාරියෙකුගේ බිරිඳ රත්මලාන ප්‍රදේශයේ පිහිටි රාජ්‍ය බැංකුවකට අයත් බැංකු ශාඛාවක සේවක කරන බැවින් එම බැංකු ශාඛාවද තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබෙන බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu