බියගම නිදහස් වෙළඳ කලාපයෙන් ද කොරෝනා ආසාදිතයෙකු වාර්තා වී තිබෙනවා. ඔහු මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්තශාලාවේ සේවයේ නිරතව සිට එයින් අස් වී මෑතක දී බියගම වෙළඳකලාපයේ සේවයට පැමිණ තිබෙනවා.
මෙම කොරෝනා ආසාදිතයා හමුවීමත් සමඟම එම කලාපයේ සේවක සේවිකාවන් 960 දෙනෙකුට කොරෝනා පරීක්ෂාව සිදු කර ඇති බව සඳහන්.