ගාල්ල සිට හම්බන්තොට සහ මඩකලපුව හරහා ත්‍රිකුණාමලය දක්වා සහ කංකසන්තුරය සිට මන්නාරම හරහා පුත්තලම දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි සමඟ සුළඟේ වේගය පැ.කි.මී 70-80 දක්වා වැඩි වීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
තවද, දිවයින ආශ්‍රිත පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි පැය 18 තුළ තව දුරටත් පවතිනබව අපේක්ෂා කරනවා. එසේම දිස්ත්‍රික්ක කිහිපයක් වැඩි අවධානම් දිස්ත්‍රික්ක ලෙස නම් කර තිබෙනවා.
බස්නාහිර, සබරගමුව,දකුණ, මධ්‍යම සහ වයඹ පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවත් ඌව සහ නැගෙනහිර පළාත්වලත් මුලතිව් සහ වව්නියාව දිස්ත්‍රික්කවලත් සවස 2.00න් පසුව තැනින් තැන, වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව පවසනවා.