ඇද හැලෙන මහ වැසි හේතුවෙන් කොළඹ ප්‍රදේශ ගණනාවක් ජලයෙන් යට වී තිබෙනවා. අද උදෑසන 4.30න් අවසන් වූ ගත වූ පැය 24 තුළ කොළඹ දිස්ත්‍රික්කයට මිලිමීටර් 121ක වර්ෂාපතනයක් ඇද හැලී ඇති බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.
මේ අතර වැසි තත්ත්වයේ වැඩි අවදානමක් සහිත දිස්ත්‍රික්ක 12ක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නම් කර තිබෙනවා. කොළඹ, කලූතර, ගම්පහ, කෑගල්ල, රත්නපුර, මහනුවර, නුවරඑළිය, මාතලේ, කුරුණෑගල, පුත්තලම, ගාල්ල සහ මාතර එම දිස්ත්‍රික්කවනවා.
අදාළ කාලගුණ වාර්තාව පහතින්