පළාත් සභා අහෝසි කලයුතු බවට රාජ්‍ය ඇමති සරත් වීරසේකර මහතා සිදුකළ ප්‍රකාශයට විරෝධය දක්වමින් ආණ්ඩු පක්ෂය නියෝජනය කරන පළාත් සභා ක්‍රියාකාරීන් පිරිසක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයින් වෙත පැමිණිලි කර තිබෙනවා.
කෙසේ වෙතත් එම ප්‍රකාශයට කුමන විරෝධතා එල්ල වුව ද පළාත් සභා අහෝසි කළ යුතු බව තමන් විසින් කළ ප්‍රකාශය ඉවත් කර ගැනීම වීරසේකර මහතා ප්‍රතික්ෂේප කර සිටිනවා.
මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කළ යුතු බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් සභා ක්‍රියාකාරීන් විසින් ඉල්ලා ඇති බව ආරංචි මාර්ග පවසනවා.