පවතින වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් ඉදිරියේ දී ජලය සැපයීම සීමා කිරීමට සිදුවනු ඇතැයි ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා. මෙම හේතුව නිසා ජලය අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙසත් අත්‍යාවශ්‍ය කටයුතුවලට පමණක් ජලය භාවිතා කරන ලෙසත් එහි සභාපති නිශාන්ත රණතුංග ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
කෙසේ වෙතත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ ඉදිරියේ දී තාවකාලික වැසි තත්ත්වයක් අපේක්‍ෂා කළ හැකි බවයි.