ඉතාලියේ කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් 1162ක් යොදා ගනිමින් සිදු කල පරීක්ෂණයක දී හෙළි වී ඇත්තේ කොරෝනා වෛරසය ආසාදනය වී සුවය ලැබූව ද තවත් මාසයක පමණ කාලයක් කොරෝනා වෛරසය එම පුද්ගලයින්ගේ සිරුරේ පවතින බවයි.
මේ අතර රටවල් 172ක් සහභාගි වී සිදු කරන වෛරසයට එන්නතක් සොයා ගැනීමට හා බෙදා හැරීමට ක‍්‍රියාත්මක ජාත්‍යන්තර මෙහෙයුම සඳහා අමෙරිකාව සහභාගී නොවන බව ප්‍රකාශ කර තිබෙනවා. ඒ ලෝක සෞඛ්‍ය සංවිධානය ඒ සඳහා සහභාගී වීම හේතුවෙන්.