මීළඟ මෝසම් වර්ෂාව කාලයේදී කොළඹ නගරය ජලයෙන් යටවීම එයින් වළක්වා ගත හැකි බවයි ඒ මහතා පවසන්නේ.
මෝදර උමං මාර්ගය සහ ටොරින්ටන් සිට තුම්මුල්ල හරහා ඩික්මන් පාර, ගාලුපාර සිට මුහුදට වැසි ජලය ගලා යන උමං මාර්ගය සකස් කිරීම සහ එම උමං මාර්ගයට තවත් කුඩා උමං මාර්ග දෙකක් සැකසීම මෙම වැඩපිළිවෙල යටතේ සිදුවන බවයි ඔහු වැඩි දුරටත් පවසා සිටින්නේ.