නව පාර්ලිමේන්තුව පළමු සැසි වාරය ඉතා චාම් අන්දමින් සිදු කිරීමට ජනාධිපතිවරයා උපදෙස් ලබා දී තිබෙනවා. පළමු සැසි වාරයේ දී මීට පෙර පැවති සැමරුම් කිසිවක් නොපැවැත්වීමටයි ඒ අනුව තීරණය කර ඇත්තේ.
එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය සහ අපේ ජනබල පක්‍ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය සඳහා තවමත් අයෙකු නම් කර නොමැති බැවින් එම දෙදෙනා හැර සෙසු සියළු මන්ත්‍රීවරුන්ගේ නම් මේ වන විට ගැසට් කර අවසන්.
20 වනදා වන විට ඒ සඳහා නිසි තීරණයක් නොලැබුණහොත් එම මන්ත්‍රී ආසන දෙක පළමු පාර්ලිමේන්තුවේ දී හිස්ව තැබීමටයි තීරණය වී ඇත්තේ.