කන්දකාඩු මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය කරන මධ්‍යස්ථානයෙන් අද දිනයේ නව කොරෝනා වෛරසය ආසාදිතයින් 57 දෙනෙකු සොයා ගෙන තිබෙනවා. එම මධ්‍යස්ථානයෙහි රඳවා සිටි රැඳවියන් සහ නිලධාරී මණ්ඩලය 450කට ආසන්න පිරිසක් පරීක්ෂණය සඳහා යොමු කරන ලද අතර එමඟින් මෙම පිරිස හඳුනාගෙන තිබෙනවා.
මේ අතර මාරවිල ප්‍රදේශයෙන් ද නව කොරෝනා වෛරස ආසාදිත කාන්තාවක් සොයා ගෙන තිබෙනවා. ඇය කන්දකාඩු මත්ද්‍රව්‍යයන්ට ඇබ්බැහිවුවන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ උපදේශිකාවක් බවයි වාර්තා වන්නේ.