අනවසර ස්ථානවල සහ පදික වේදිකාවේ නවතා තබන යතුරු පැදි සහ අනෙකුත් වාහන සඳහා නීතිමය පියවර ගන්නා බව පොලීසිය පවසනවා. මෙය අද (17) සිට ක්‍රියාත්මකයි.
මෝටර් වාහන පනත සහ මංමාවත් පනත යටතේ මේ සම්බන්ධයෙන් පියවර ගනු ලබනවා. ඒ අනුව මෙවැනි වරදකට චෝදනා ලද පුද්ගලයෙකු අධිකරණය හමුවේ වරදකරු වුවහොත් ඔහුට හෝ ඇයට රුපියල් 50,000 දක්වා දඩයක් නියම කිරීමේ හැකියාව පවතින බව පොලිස් නීති දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා.