ජෝර්දානයේ සේවයේ නියුතු වූ දැනට රැකියා අහිමි වී ඇති සේවිකාවන් පිරිසක් ඔවුන්ව නැවත ලංකාවට ගෙන්වා ගන්නා ලෙස ඉල්ලීම් කරමින් සිටිනවා. එහිදී ඔවුන්ට කදුළු ගෑස් ප්රහාරයක් ද එල්ල වී තිබෙනවා.
මාස පහක කාලයක් රැකියා නොමැතිව ආහාර සොයා ගැනීමේ අපහසුතාවයෙන් පසුවන මෙම සේවිකාවන්ට විසඳුමක් ලබා දීම සඳහා සාකච්ඡා කිරීමට එරට ශ්රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන් දෙදෙනකු ගොස් තිබෙනවා. එම සේවිකාවන් චෝදනා කරන්නේ මෙම ගැටළුවට අවම විසඳුමක් හෝ අදාළ නිලධාරීන් ලබා නොදුන් බවයි.
එහිදී එම නිලධාරීන් දෙදෙනාව නිවාස අඩස්සියට ගෙන තමන් මෙතෙක් කල් ආහාරයට ගත් ආහාර එම නිලධාරීන්ට ද කෑමට ලබා දී තිබෙන බවයි වාර්තා වන්නේ.