සිසුන් සඳහා පැවැත්වීමට නියමිතව තිබූ සියළුම විභාග කල් දමමින් යාපනය විශ්ව විද්‍යාලයේ කිලිනොච්චි මණ්ඩපය දින නියමයක් නොමැතිව වසා දමා තිබෙනවා. යාපනය විශ්ව විද්‍යාලයේ කිලිනොච්චි මණ්ඩපයේ ඉගෙනුම ලබන සිසුවෙක්ගේ සහෝදරයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබීම එයට හේතුවයි.
මෙම සිසුවාගේ කොරෝනා ආසාදිත සහෝදරයා කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවය නියුතු නිලධාරියෙක්.
අදාළ සිසුවාද පරීක්ෂණයට යොමු කර ඇති අතර එම සිසුවාගේ පරීක්ෂණ වාර්තාව ලැබෙන තෙක් කිලිනොච්චි මණ්ඩපය තාවකාලිව වසා දමන බවයි කිලිනොච්චියේ සෞඛ්‍ය බලධාරීන් පවසනේ.