රෝහලෙන් පැනගිය පුද්ගලයා පිළිබඳ තවත් තොරතුරු අනාවරණය වී තිබෙනවා. ඔහු රෝහලෙන් පැන ගිය ආකාරය පිළිබඳව නවතම තොරතුරු වාර්තා වනවා.
අදාළ රෝගියා තමන් ප්‍රතිකාර ලබමින් සිටි වාට්‍ටුවේ තිබූ කොස්සක් තම ඇඳ මත තබා එය පොරෝනවලින් වසා තමන් නිදා ස්ටින අයුරු පෙන්වීමට සලස්වා තිබෙනවා.
මෙම රෝගියා කොළඹ ජාතික රෝහලේ දී නැවත සොයාගත් අතර ඔහු ගමන් ගත් මාර්ගයන් පිළිබඳව ද සත්‍ය තොරතුරු මේ වන විට අනාවරණය කර ගෙන තිබෙනවා.