කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සේවය කළ නිලධාරියෙක් ඇසුරින් කොරෝනා ආසාදනය වූ හෝමාගම සහකාර පොලිස් අධිකාරි කාර්යාලයේ සේවය කරන පොලිස් සැරයන්වරිය නිසා හෝමාගම සහකාර පොලිස් අධිකාරි කාර්යාලයේ 16 දෙනෙකු නිරෝධායන කටයුතු සඳහා හබරාදුව නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කරනු ලැබුවා.
කන්දකාඩු හි සේවය කරන නිලධාරියා අදාළ පොලිස් සැරයන්වරියගේ පුත්‍රයා වනවා.
පොලිස් අධිකාරිවරයකු, සහකාර පොලිස් අධිකාරිවරයකු, , කාන්තා පොලිස් කොස්තාපල්වරියන් දෙදෙනෙකු, කාන්තා පොලිස් සැරයන්වරියන් තිදෙනෙකුපොලිස් රියදුරන් 02නෙකු, සිවිල් පුද්ගලයින් 04 දෙනෙකු, කුඩා දරුවන් 03 දෙනෙකු මෙම පුද්ගලය්න් 16 දෙනා අතර වනවා.