ඊයේ (01) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී විශේෂ තීරණ රැසක් ගෙන තිබෙනවා.
වත්මන් රජයෙහි ප්‍රතිපත්ති ප්‍රකාශය වන සෞභාග්‍යමත් ඉදිරි දැක්මෙහි දක්ෂිණ අධිවේගී මාර්ගය කහතුඩුව-ඉංගිරිය-රත්නපුර-පැල්මඩුල්ල සිට සම්බන්ධ කරමින් රුවන්පුර අධිවේගී මාර්ගය ඉදි කිරීමට යෝජනා කර ඇති අතර ඒ සඳහා විදෙස් අරමුදල් ලබා ගැනීමට සැලසුම් කර තිබුණා.

නමුත් එම ව්‍යාපෘතිය දේශීය අරමුදල් යටතේ ක්‍රියාත්මක කිරීම මඟින් රටට වඩාත් හිතකර ප්‍රතිඵල අත්කර ගත හැකි බව පෙනී ගොස් තිබෙන බැවින් ඒ සඳහා අවධානය යොමුව පවතිනවා. ඒ අනුව දේශීය බැංකු මඟින් සලසා ගනු ලබන අරමුදල් භාවිතා කරමින් දේශීය ඉදිකිරීම් සඳහා අවශ්‍ය පියවර ගැනීම පිණිස මාර්ග සහ මහාමාර්ග අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.