මෙම නිධානය ගැනීමට යම් පිරිසක් කටයුතු කරන බවට බුද්ධි අංශ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් අනුව වවුනියාව බෝගස්වැව පොලිස්සියේ නිලධාරීන් අදාළ ස්ථානයට ගොස් තිබෙනවා. එම අවස්ථාවේ දී නිධානය ලබා ගැනීමට ගිය පිරිස පූජාවක් පවත්වමින් සිට ඇති අතර නිධානය හෑරීමට උපයෝගී කරගත් උපකරණ සහ පූජා භාණ්ඩද ඇතුළුව එම පිරිස අත් අඩංගුවට ගෙන තිබෙනවා.
අත් අඩංගුවට ගත් පිරිස අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකරුවන් 24 දින දක්වා බන්ධනාගාරගත කරන ලෙස වවුනියා දිස්ත්රික් මහේස්ත්රාත්වරිය නියෝග ලබා දී තිබෙනවා.