මුඛ ආවරණය නොපළඳින සහ සෞඛ්‍ය අංශ මඟින් ලබා දී ඇති සෞඛ්‍ය උපදෙස් පිළිනොපදින සියළුම පුද්ගලයින්ට නීතිය ක්‍රියාත්මක කරන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කරනවා.
පවතින කොවිඩ්-19 වසංගත තත්ත්වය සම්පූර්ණයෙන් පහව යන තෙක් සියළුම පුද්ගලයින් වෛරසය පාලනය සඳහා ලබා දී ඇති සෞඛ්‍ය උපදෙස් ඒ අයුරින්ම පිළිපැඳිය යුතු බව ඒ මහතා කියා සිටිනවා.
මුඛ ආවරණය පැළඳීම පිළිබඳව විශේෂයෙන් සියළු දෙනාගේම අවධානය යොමු විය යුතු බවයි ඒ මහතා වැඩි දුරටත් පවසන්නේ.