පෙර සැලසුම් කර තිබූ පරිදි කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ අගෝස්තු 01 වන දින විවෘත කිරීමට නොහැකිවනු ඇති බව ගුවන් තොටුපල බලධාරීන් පවසනවා. ඔවුන් පවසන්නේ බොහොමයක් රටවල නව කොරෝනා වෛරසය තවමත් ඉතා දරුණු අන්දමින් පවතින බැවින් ගුවන් තොටුපල විවෘත කිරීම ප්‍රමාද වනු ඇතිබවයි.
කෙසේ වෙතත් විදේස්ගතව සිටින ශ්‍රී ලාංකිකය්න් මෙරටට ගෙන්වා ගැනීමේ ක්‍රියාවලියට ප්‍රමුඛතාවයක් ලබා දෙන බව ගුවන් තොටුපළ හා ගුවන් සේවා අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ජී. ඒ. චන්ද්‍රසිරි මහතා පවසනවා. සෑම පැය 04කට හෝ 06කට වරක් මෙරටට ගුවන්යානයක් පැමිණෙන බවත් එයින් දිනකට ගුවන් යානා 04කින් මඟීන් ගෙන්වා ගැනීමට කටයුතු කරන බවත් ඒ මහතා පවසනවා.