හදිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් ලංකා කම්කරු කොන්දෙසි නායක අමාත්‍ය තොණ්ඩමන් මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
මිය යන විට ඒ මහතා 55 වියේ පසු වූ අතර ඔහු රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිටි බවයි රෝහල් ආරංචි මාර්ග කියා සිටින්නේ. ඔහු ඇතුළත් කර ඇත්තේ තලංගම මූලික රෝහලටයි.
අමාත්‍ය තොණ්ඩමන් මහතාගේ ලංකා කම්කරු පක්ෂය මේ වන විට ආණ්ඩු පක්ෂයට සහාය දෙමින් සිටිනවා.