ජනාධිපතිරයාගේ ප්‍රධානත්වයෙන් අද මහ පරිමාණ සහල් මෝල් හිමියන්ගේ සාකච්ඡාවක් පැවැත්වුණා.මෙම සාකච්ඡාවට අගමැති මහින්ද රාජපක්ෂ මහතා, චමල් රාජපක්ෂ මහතා සහ අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ද සහභාගී වී තිබෙනවා.
මෙහිදී මහා පරිමාණ සහල් මෝල් හිමියන්ගේ ඉල්ලීම මත රුපියල් 90ක් ලෙස පවතින නාඩු සහල් කිලෝවක මිල රුපියල් 96 දක්වා ද සම්බා සහල් කිලෝවක මිල රුපියල් 98 දක්වා ද වැඩි කිරීමට එකඟතාවයක් ඇති වූ බවයි වාර්තා වන්නේ. කීරි සම්බා කිලෝවක දැනට පවතින මිල වන රුපියල් 125 එලෙසම පවත්වාගෙන යාමටත් තීරණය වී තිබෙනවා.
ඒ අනුව මෙම උපරිම සිල්ලර මිල පිළිබඳව ගැසට් නිවේදනයක් නිකුත් කිරීමෙන් අනතුරුව එය බලාත්මක වනු ඇති.