කොළොන්නාවෙන් සහ රාජගිරියෙන් කොරෝනා ආසාධිතයන් දෙදෙනක් සොයා ගැනේ

කොළොන්නාව සාලමුල්ල ප්‍රදේශයෙන් සහ රාජගිරිය බණ්ඩාරනායක යන ප්‍රදේශවලින් කොරෝනා ආසාධිතයන් දෙදෙනෙක් අද (05) සොයාගෙන තිබෙනවා.

ඒ අනුව එම ප්‍රදේශවල පුද්ගලයින් 56 දෙනෙක් කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට කටයුතු කළ බවයි කොළොන්නාව මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය පවසන්නේ.

මෙහිදී සාලමුල්ල ප්‍රදේශයෙන් පුද්ගලයින් 26 දෙනෙක් සහ රාජගිරිය බණ්ඩාරනායක ප්‍රදේශයෙන්  පුද්ගලයින් 30 දෙනෙක් මෙලෙස නිරෝධායනයට යොමු කර තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu