විදෙස් රටවල සිට මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයින් හැසිරවීමට මැදිහත් වූ කටුනායක ගුවන් තොටුපලේ සේවය කළ හමුදා නිලධාරියෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව වාර්තා වනවා. මෙම හමුදා නිලධාරියා හොරණ කඳන ප්‍රදේශයේ පදිංචි අයෙක් වන අතර හොරණ නගරයේ පිහිටි වෙළඳසැල් හතරකට ගොස් ඇති නිසා එම වෙළඳසැල් මේ වන විට වසා දමා තිබෙනවා.
එම වෙළඳසැල්වල සේවයේ නියුතු සේවක සේවිකාවන් 26 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කර ඇති අතර හමුදා නිලධාරියාගේ බිරිඳ, දරුවා ඇතුළු පවුලේ සියළුදෙනා නිරෝධායනයට යොමු කර තිබෙනවා.
කෙසේවෙතත් මෙම හමුදා නිලධාරියා අදාළ ස්ථානවෙත ගොස් ඇත්තේ නිසි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් භාවිතා කරමින් බව තොරතුරු අනාවරණය වනවා.