මාලිගාවත්ත ප්‍රදේශයේ මුදල් සහ සහනාධාර බෙදා දීමේ වැඩසටහනකදී ඇති වූ තෙරපිමකින් කාන්තාවන් තිදෙනෙක් මියගොස් තිබෙනවා.
තවත් කාන්තාවන් සිව් දෙනෙක් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇති බවයි වාර්තා වන්නේ.
මෙම තෙරපීම සිදුව ඇත්තේ පුද්ගලික මට්ටමින් සිදුකළ මුදල් සහ සහනාධාර බෙදාදීමේ වැඩසටහනකදීයි.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න කියා සිටියේ එය සංවිධානය කළ පුද්ගලයින් 06 දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති බවයි.