හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නගේ ඇප අයදුම්පත නැවත සළකා බැලීම සහ ඇප නියෝගය අවලංගු කිරීම යන මහාධිකරණ තීන්දුව සම්බන්ධයෙන් සිවිල් ක්‍රියාකාරකයකු වන අසේල සම්පත් පවසනවා.
ඔහු සඳහන් කරන්නේ කොරෝනා වසංගතය මර්දනයට අවශ්‍ය මානව සම්පත, යටිතල පහසුකම් ඇතුළු සියල්ල හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයාගේ අනුදැනුම මත සිදුකරන ලද මෙහෙය මෙම අවස්ථාවේ අතිශය ප්‍රයෝජනවත් වූ බවයි.
ලෝක වසංගතය මධ්‍යයේ සාර්ථකව රට නැවත ගොඩනගන මොහොතක සෘජු තීරණ ගත් සෞඛ්‍ය ඇමතිවරයා ලෙස ඔහු පසුගිය කාලයේ ගත් තීරණ බලපානු ලැබූ බවයි ඔහු පවසන්නේ.
එවන් අයකු සිරගත කිරීම සම්බන්ධයෙන් සානුකම්පිත තීරණයක් අධිකරණය විසින් ගනු ඇතැයි අපේක්ෂා කරන බවත් ඔහු සඳහන් කර සිටිනවා.