ඔහු පවසන්නේ මත්පැන්හල් ආශ්‍රිතව දැකගත හැකි වූ ජනතාව රොක්වීම් හේතුවෙන් ආසාදිතයකු වාර්තා වුවහොත් එම ආසාදිතයා හරහා රෝගය ව්‍යාප්ත වන ආකාරය සහ රෝගීන් පොකුරු වශයෙන් මතුවිය හැකි ස්ථාන හඳුනා ගැනීම දැඩි සේ අසීරු වන බවයි.
‘‘මේ මත්පැන්හල් ආශ්‍රිතව රෝගියෙක් මතුවුවහොත් අපිට නැවත මුලටම යන්න වෙනවා. එහි දී ඔහුගේ ස්පර්ශකයන් සෙවීම විශාල පිරිසක් අතර සිදුවන විට ඒ අය විවිධ ස්ථානවලට විසිරී ගියහම ඉතාම අමාරු වෙනවා.
ඒ එකතු වෙන සෙනඟ අතර විෂබීජය තිබිලා කිහිප දෙනකුට ඇවිත් ඒ අය තමන්ගේ නිවාසවල ආශ්‍රය කරන අය වෙත ගියහම අවසාන වශයෙන් පොකුරු විදිහට මතුවුණහම තමයි අපිට හමුවන්නේ.
මීට ඉස්සෙල්ලා අපි මේ සියලු කටයුතු කළේ සමාජ දුරස්ථභාවය, ඇඳිරි නීති තත්ත්වය යටතේ. එම තත්ත්වයන් යටතේ එක්රැස් වන පිරිස් කොහොමත් අඩුයි.
නමුත් මේ විදිහට ගියොත් ඒ තත්ත්වය අපෙන් ගිලිහී යන්න පුළුවන්’’ යැයිද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පවසනවා.