අක්මීමන ප්‍රදේශයේ පදිංචි නාවික හමුදා සෙබලෙක්ට කොරෝනා ආසාධනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.
එම සෙබලා නිවාඩු ලබා අප්‍රේල් 20 වනදා නිවසට පැමිණ අනතුරුව නැවත අප්‍රේල් 27 වන දින හමුදා කදවුර වෙත ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
එහිදී සිදු කළ PCR පරීක්ෂාවෙන් එම සෙබලාට කොරෝනා ආසාධනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.
මේ වන විට එම සෙබල සමීපව ඇසුරු කළ පවුල් 11ක පුද්ගලයින් 27 දෙනෙක් ස්වයං නිරෝධායනයට යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.