මිට සති දෙකකට පෙර කොරෝනා ආසාධිතයෙක් බව හඳුනා ගැනුණු උඩවලවපාර, 13 ½ නෙළුම්සිරිගම පදිංචි නාවික හමුදා සෙබළාගේ පවුලේ තවත් අයෙකුට කොරෝනා ආසාධනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.
මොනරාගල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා කාර්යාලය පවසන්නේ මීට පෙර මෙම සෙබලාගේ බිරිඳ, දරුවා සහ බිරිඳගේ සොහොයුරියට වෛරසය ආසාධනය වී ඇති බව අනාවරණය වූ බවයි.
මේ වන විට මිට පෙර එම පවුලේ කොරෝනා ආසාධිත බවට හඳුනාගත් පුද්ගලයින් වව්නියාව පප්පේමඩු නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කර තිබෙනවා.
ඒ අනුව ඊයේ (03) දිනයේ හඳුනාගත් ආසාධිතයා 59 හැවිරිදි අයෙක් වන අතර ඔහු එම පවුලේ ළඟම ඥාතියෙක් බවයි වාර්තා වන්නේ.