මහ මැතිවරණයේ භාරගත් සියලු නාම යෝජනා අහෝසි වෙන ලකුණු

මාර්තු මස 19 වනදා භාරගත් නාමයෝජනා වල නිත්‍යානුකුල තත්වයේ ගැටළුවක් මතුව ඇති බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පවසා ඇති බව වාර්තා වනවා.

කොමිසමේ සභාපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත්තේ ඊයේ (02) මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේ දී පක්ෂ නියෝජිතයින් සමඟ පැවැති සාකච්ඡාවේදියි.

නාම යෝජනා භාරගත් දින වන මාර්තු 17, 18, 19 යන දින රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් රජයේ නිවාඩු දින ලෙස ප්‍රකාශ කිරීම මීට හේතුව ලෙස සභාපතිවරයා පෙන්වා දී ඇත්තේ.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් නීතිපතිවරයාගෙන් මැතිවරණ  කොමිසමේ සභාපතිවරයා උපදෙස් ලබා ගැනීමට නියමිතයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu