ලොව පුරා සිඝ්‍රයෙන් ව්‍යාප්තවෙමින් යන නව කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා බොහෝ රටවල් මේ වන විට වසා දමා ජනතාව නිවෙස්වලට සීමා කිරීමට පෙළඹී සිටිනවා. මෙම පනවා ඇති නියෝග ඉවත් කරමින් යම් හෙයකින් මොනයම් හෝ රටක් ක්‍රියා කලහොත් එය නුවණට හුරු ක්‍රියාවක් නොවන බවයි ජිනීවා හි පිහිටි ලෝක සෞඛ්‍ය සංවිධානයේ මුලස්ථානයේදී ප්‍රවෘත්ති සාකච්ජාවකට එක්වෙමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානි Tedros Adhanom ප්‍රකාශ කර සිටින්නේ.
බොහෝ රටවල වෛරසයට නිරාවරණය වූ පුද්ගලයින් සොයා ගැනීම, ඔවුන් හා සම්බන්ධ වූ පුද්ගලය්න් සොයා ගැනීම, ඔවුන්ව හුදකලා කිරීම වැනි ක්‍රියාමාර්ග ඉතාමත් මන්දගාමීව සිදුවන බවත්දින කිහිපයක ඇතුළත කොරෝනා රෝගයේ ව්‍යාප්තිය විශාල වශයෙන් සිදුව ඇති බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂක ජනරාල්වරයා පවසනවා. එසේම වෛරසයේ ව්‍යාප්තිය වේගවත් වුවත් එය අවම වීම ඉතාමත් සෙමින් සිදුවන බවයි ඔහු කියා සිටියේ.
මෙවන් තත්ත්වයක් හමුවේ නව කොරෝනා වෛරසය පාලනයට සියළුම පියවර සහ නිවැරදි මහජන සෛඛ්‍ය ක්‍රියාමාර්ග ගෙන නොගෙන මොනම රටක් හෝ දැනට පනවා ඇති නීති සහ ජනතාවට නිවෙස් තුළට සීමා කිරීම් ලිහිල් නොකළ යුතු බවයි ජනරාල්වරයා කියා සිටින්නේ.
.