දැනට බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයවිසින් සිදු කරන කොරෝනා පරීක්ෂණ ධාරිතාව දෙගුණ කර ඇතත් රෝගීන් හමුවන ප්‍රමාණය අඩු බව එම ආයතනයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා පවසනවා. මේ තත්ත්වය මෙසේ දිගටම පවත්වාගෙන යාමෙන් සහ කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා රජය විසින් ගෙන යන වැඩපිළිවෙලට මහජනතාව තවත් සති දෙකක කාලයක් සහයෝගය ලබාදුනහොත් එම වෛරස ව්‍යාප්තිය නිසි ලෙස කළමනාකරණය කල පළමු රට ශ්‍රී ලංකාව බවට පත් වීමට හැකියාව ඇතැයි ඒ මහතා පවසනවා.