අලුත් අවුරුද්ද අවසානවන තෙක් දැනට පවතින කොරෝනා මර්දන වැඩසටහන් ඒ අයුරින්ම පවත්වාගෙන ගොස් අලුත් අවුද්ද අවසන් වීමෙන් පසු පවතින තත්ත්වය විමර්ශනය කර ඊළඟ පියවර ගන්නා බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා. ඒ වන විට කොරෝනා වෛරසය ව්‍යාප්තවීමේ අවදානමෙන් තොර දිස්ත්‍රික්කවලට දැනට පනවා ඇති සීමාවන් ඉවත් කළ හැකි වනු ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශ වැඩි දුරටත් කියා සිටින්නේ.
ආසාධිතයන්, ආසාධිතයන් යැයි සැක කෙරන පිරිස සහ ඔවුන් ඇසුරු කළ අය නැවත නැවතත් දැඩි පරීක්ෂණයට ලක් කළ යුතු බව ද මෙහි දී තීරණය කෙරුණා.