දැනටමත් විදෙස් ගුවන් තොටුපලවල සිරවී සිටින ශ්‍රී ලාංකිකයින්33 දෙනෙකු මෙරටට ගෙන්වා ගැනීමට සියළු කටයුතු සූදානම් කර තිබෙනවා. එයින් පසු එහි දෙවන පියවර ලෙස විදේශගතව ඉගෙනුම ලබන ශ්‍රී ලාංකික සිසුන් 5000ක් පමණ මෙරටට ගෙන්වා ගැනීමට රජය අදහස්කරගෙන තිබෙන බව ජනාධිපති විදේශ කටයුතු පිළිබඳ අතිරේක ලේකම් ජයනාත් කොළඹගේ මහතා ප්‍රකාශ කරනවා.