ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෞඛ්‍ය බලධාරීන්ට දැනුම්දී ඇත්තේ ශ‍්‍රී ලංකාව පුරා පනවා ඇති ඇදිරි නීතිය ලිහිල් කිරීම සහ ආයතනවල රාජකාරි ආරම්භ කිරීම සම්බන්ධයෙන් නිර්දේශ හා මාර්ගෝපදේශ ලබා දෙන ලෙසයි. සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කියා සිටින්නේ ඇදිරි නීතිය ලිහිල් කිරීම සහ නැවත රටතුල ආයතන සක‍්‍රිය කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිතුමන් විසින් සෞඛ්‍ය බලධාරීන්ගේ විද්‍යානුකූල නිර්දේශයක් මත තීරණයක් ගනු ඇති බවයි.