පසුගිය පෙබරවාරි මාසයේ සිට මාසිකව විදුලි බිල්පත් ගෙවීමට නොහැකි වූ විදුලි පාරිභෝගිකයින්ගේ නිවෙස්වල විදුලිය විසන්ධි නොකරන ලෙස විෂයභාර අමාත්‍ය මහින්ද අමරවීර ලංකා විදුලිබල මණ්ඩලයට උපදෙස් ලබා දී තිබෙනවා. දැන් රටේ පවතින තත්ත්වය අනුව අදාළ විදුලි බිල්පත් ගෙවීම සඳහා මේ මස 30 වනදා දක්වා සහන කාලයක් ලබා දීමටයි විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පියවර ගෙන ඇත්තේ.