ප්‍රතිශක්තිකරණය ඉහළ පුද්ගලයින්ට කොරෝනා වෛරසය ආසාදනය වුවද ඔවුන්ට කිසිදු රෝග ලක්ෂණයක් පෙන්නුම් නොකරන බවත් එවන් පුද්ගලයින් රෝගය පැතිරවීමේ වාහකයන් බවට පත්වන බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
බොහෝ රටවල මෙවන් ආකාරයේ පුද්ගලයින් නිසා වෛරසය විශාල පිරිසක් වෙත ආසාදනය වන බවයි සභාපතිවරයා කියා සිටින්නේ.
එම නිසා කොරෝනා වෛරස රෝග ලක්ෂණ නොපෙන්වන බොහෝ පිරිසක් ලංකාව තුළ සිටිය හැකි බැවින් එය අතිශය භයානක තත්ත්වයක් බවයි වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ.