කොරෝනා වෛරසය හේතුවෙන් චීනයේ මියගිය සංඛ්‍යාව පිළිබඳ සත්‍ය තොරතුරු වසන් කල බවට චීනයට මේ වන විට චෝදන එල්ලවෙමින් පවතිනවා. ඔවුන්ට එසේ චෝදනා එල්ල වන අතරම කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය සම්බන්ධයෙන් චීනය දැක්වූ ප්‍රතිචාර ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය නිසි ලෙස මැදිහත් නොවූ බවට ද චෝදනා එල්ල වනවා. මේ නිසා ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂක ජනරාල් ටෙඩ්‍රෝස් අද්නාම් ගෙබ්‍රියස්ට සිය ධූරයෙන් ඉල්ලා අස්වන ලෙස නොයෙක් බලපෑම් එල්ලවන බවයි වාර්තා වන්නේ.
නමුත් චීනයේ මෙම ක්‍රියා පිළිවෙත හේතුවෙන් අමෙරිකාව ඇතුළු ලොවපුරා විශාල මිනිස් ජිවිත සංඛ්‍යාවක් අහිමි වෙමින් පවතිනවා. එයට හේතුව සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂක ජනරාල්වරයා. ඔහු මුළු ලෝකයාම රවටා අවසන්. චීනයේ නිසි විනිවිද භාවයකින් තොරව කටයුතු කිරිමේ වැඩි චෝදනාව එල්ල වන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂක ජනරාල්වරයා වෙත''
රිපබ්ලිකන් සෙනට් සභික මාර්තා මැක්‌සාලි අමෙරිකාවේ Fඔං නාලිකාව සමග සම්මුඛ සාකජ්චාවකට එක්වෙමින් ප්‍රකාශ කර තිබුණේ එවන් කතාවක්.
කෙසේ වෙතත් වෛරසය හේතුවෙන් අවම වශයෙන් 40,000 ඉක්මවු පිරිසක් මිය යන්නට ඇතැයි මත පළවනවා. එහෙත් චීනයේ මියගිය සංඛ්‍යාව 3,300 කට ආසන්න සංඛ්‍යාවක් බවය් එරට රජය ප්‍රකාශ කර සිටියේ.