එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආගමික හෝ විශ්වාසයේ නිදහස පිළිබඳ විශේෂ නියෝජිත අහමඩ් ෂහීඩ්, අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් යොමු කරමින් ඉල්ලා සිටින්නේ නව කොරෝනා වෛරසයෙන් මිය ගිය පුද්ගලයින්ගේ මළ සිරුරු සම්බන්ධයෙන් අවසන් කටයුතු සිදු කිරීමේ දී ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශ අනුගමනය කරන ලෙසයි.
එසේම විවිධ ප්‍රජාවන්ට අයත් පුද්ගලයන්ගේ මානව හිමිකම්වලට ගරු කිරීම උත්සාහ කරන ලෙසත් ප්‍රජාවන් අතර ආතතිය ඇති කරවන ක්‍රියාවලින් වැළකී සිටීමට කටයුතු කරන ලෙසත් එම ලිපියෙන් ඉල්ලා සිටිනවා.
ආදාහනයට අදාළ පියවරයන් සංශෝධනය කරන ලෙසත් ඒ සඳහා ජනවාර්ගික හා ආගමික ප්‍රජාවන් සහ සෞඛ්‍ය විශේෂඥයන් සමග සාකච්ඡා කරන ලෙසත් තවදුරටත් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා.