උතුරු කොරියානු නායක කිම් ජෝන් උන් සැඟවී සිටින ස්ථානය තම රට දන්නා බව දකුණු කොරියාව පවසනවා.
දකුණු කොරියාවේ අමාත්‍යවරයෙක් විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශ කර සිට ඇත්තේ තම රජය උතුරු කොරියානු නායකයා සිටින ස්ථානය දන්නා බවත් ඔහු මියගිය බවට පලවන වාර්තා අසත්‍ය බවයි.
"කිම් ජෝන් උන්ට කිසිඳු අසනීපයක් නැහැ. කොරෝනා රෝගය නිසා ඔහු සැඟ වෙලා ඉන්නේ." බවයි එම අමාත්‍යවරයා කියා සිටින්නේ.
කෙසේ වෙතත් අප්‍රේල් 15 වනදා සිට උතුරු කොරියානු නායකයාගේ සීයාගේ උපන්දින සැමරුමෙන් පසු උතුරු කොරියාවේ පැවැති උත්සව කිහිපයකට කිම් ජෝන් උන් සහභාගී නොසිටීම හේතුවෙන් ලොව පුරා බොහෝ දෙනාගේ අවධානය යොමු වුණා.
මේ අතර උතුරු කොරියානු නායකයා අප්‍රේල් 27 වන දින දකුණු අප්‍රිකා නිදහස් උත්සවය වෙනුවෙන් ඔහුගේ අත්සනින් යුතුව සුබ පැතුමක් නිකුත් කර තිබෙන බවද අන්තර්ජාතික මාධ්‍ය වාර්තා වනවා.